එන්නත් මාත්‍රා අතර විරාමය ඉහළ නැංවීම ගැන අනතුරු ඇඟවීමක්

covid19 vaccination covishield Anthani Fawchi
By Sewvandhi Jun 12, 2021 04:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා එන්නත් මාත්‍රා අතර කාල විරාමය ඉහළ නැංවීම තුළින් පුද්ගලයෙකු කොරෝනා විකෘති ප්‍රභේදවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බව අමෙරිකාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුචි පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඉන්දීය රජය මගින් කොරෝනා එන්නත් මාත්‍රා අතර පරතරය ඉහළ නැංවීමට ගෙන ඇති තීරණය පිළිබඳව සිදුකළ විමසීමකදීයි.

වෛද්‍ය ඇන්තනී ෆවුචි සඳහන් කළේ ෆයිසර් සහ මොඩර්නා යන එම්-ආර්.එන්.ඒ. තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන කොරෝනා එන්නත් මාත්‍රා අතර පරතරය සති 03 ක් හෝ 04 ක් විය යුතු බවයි.

කෙසේ නමුත්, සැපයීමේ හිඟයක් පවතින විට එන්නත් මාත්‍රා අතර පරතරය ඉහළ නැංවීම හැර විකල්පයක් නොවන බව ඔහුගේ අදහසයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා දෙකක් අතර පරතරය සති 12 ත්, 16 ත් අතර කාලයක් දක්වා ඉහළ නැංවීමට ඉන්දීය රජය පසුගියදා තීරණය කළා.

එලෙස කොවිෂීල්ඩ් එන්නත් අතර පරතරය ඉහළ ප්‍රතිඵල ලබාගැනීම සඳහා දීර්ඝ කළ දෙවන අවස්ථාව එයයි. ඊට පෙර එම එන්නත් මාත්‍රා අතර පරතරය දින විසිඅටේ සිට සති 06 ක් හෝ 08 ක් දක්වා ඉහළ නැංවිය හැකි බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ. ඒ, කොරෝනා එන්නත් සැපයුමේ විශාල හිඟයක් පවතිද්දීයි.

You may like this video



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now