චීන එන්නත වයස 03 ත් 17 ත් අතර වයස් කාණ්ඩවල ළමුන්ට
covid19
vaccination
children
chines
shino vacx
By Sewvandhi
චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත තුන් හැවිරිදි දරුවන්ට ලබාදීමට ආරක්ෂිත සහ ඵලදායී බව, පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා.
ළමුන් ඇතුලු නව යොවුන් වියේ පසුවන්නන්, 550 දෙනෙකු යොදා ගනිමින් කළ එම අධ්‍යයනයට අනූව එහි ඵලදායීතාව සියයට 96 ක්. ඒ අනූව අවුරුදු 03 ත් 17 ත් අතර වයස් කාණ්ඩවල පසුවන ළමුන්ට, එය වඩාත් ඵලදායී බව තහවුරු වී තිබෙනවා.
එක් මාත්‍රාවක් ලබාගෙන දින 28 ක් ඇතුළත දෙවැනි මාත්‍රාව ලබාගත යුතුයි.
ජුනි පළමු වැනිදා සිට චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන්නා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |