කොවිඩ් ආසාදිතව මියගිය ඉන්දියානුවන්ගේ සිරුරූ බලාගන්න ගුරුවරුන් යොදවයි

INDIA COVID 19 DEATH BODY TEACHERS DILLI
By Sewvandhi Apr 24, 2021 05:42 PM GMT
Report

 ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ රෝහල්වල තැන්පත් කර ඇති කොරෝනා ආසාදිතයව මියගිය පුද්ගලයින්ගේ මෘතශරීර අධික්ෂණය සඳහා ගුරුවරුන් යොදවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඊයේ දිනයේදී දිල්ලි රෝහලකට ගුරුවරුන් 06 දෙනෙකු සේවය සඳහා යොදවා තිබූ බවයි එම මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. මෘත දේහ අධීක්ෂණය කිරීම මෙන්ම ආදාහනය සඳහා එම මෘත දේහ නිසිපරිදි රෝහල්වලින් ඉවත් කෙරෙනවා ද යන්න සොයා බැලීම අදාළ ගුරුවරුන්ට පවරා ඇති රාජකාරීන් වනවා.

කෙසේවෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ගුරු සංගම් දිල්ලි ප්‍රාන්ත රජයට සිය විරෝධය දක්වා ඇති බවයි පැවසෙන්නේ. රෝහලක කොවිඩ් මෘත දේහ අධීක්ෂණයට යෙදවීම ගුරු වෘත්තියක් දරණ පුද්ගලයෙකුට සුදුසු නොවන බව ද ගුරු සංගම් පෙන්වා දෙනවා. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb