ගෑස් කාන්දු වේ දී මෙන්ම කොවිඩ් රෝගයේදී ද ඉන්දියාව අසරණයි(VIDEO)

HOSPITEL INDIA COVID 19 DANGEROUSE SITUATION INFECTIONS DEATH BODIES
By Sewvandhi Apr 23, 2021 12:08 PM GMT
Report

එදා ගෑස් කාන්දුව වූ අවස්ථාවේ ඉන්දියාවේ මිනිස්සු තැන තැන ඇද වැටුනා මෙන් වර්තමානයේ තත්වය ඊට සමාන වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

අප සරලව ගණන් ගත්තද කොවිඩ් වෛරසය විශාල ජනතාවක් අසරණ කර හමාර ය.ඉන්දියාවේ මහ මග දෙපස අසරණව මිය යන ජනතාව කොවිඩ් වෛරසයේ බරපතලකම ලොවට විදහා පායි.

රෝහල් පහසුකම් නොමැතිව ප්‍රවාහන පහසුකම් නොමැති ව විශාල අර්බුදයකට මුහුන පා මින් සිටින ඉන්දියාව මේ වන විටත් ලොව වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන රට ලෙසට පත් වී තිබෙනවා. 

මෙය කොතරම් භයානක තත්ත්වයක් දැ යි පසක් වන්නේ මහමග කිසිදු හව්හරණක් නොමැති ව මිය යාමෙනි.

එමෙන් ම මේ වන විට ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 16,263,695 පමණ වේ.අද වන විට ඉන්දියාවේ නව ආසාදිතයින් 332,730 ද, පැය 24ක් ඇතුළත කොවිඩ් මරණ සංඛ්‍යාව 2000 ඉක්මවන බවද වාර්තා වේ.

ගෑස් කාන්දු වූ අවස්ථාවේ ඉන්දියාවේ මිනිසුන් ඇද වැටුණු වීඩියෝව පහතින්