ලංකාවේ කොරෝනා අගය ඉන්දියාවත් ඉක්මවා යයි..(VIDEO)

Covid India Gagana Coronasri lanka
By Aruna May 06, 2021 04:17 AM GMT
Report

 ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සාමාන්‍ය අගය ඉන්දියාවද ඉක්මවා ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් මහින්ද බාලසුරිය මහතා පෙන්වා දෙන්නේ ගත වූ දින කිහිපයේදී මෙරටින් දිනකට ආසාදිතයන් 1900ක පමණ ආසාදිතයන් හමුවුන බවයි.

ලංකාවේ ජනගහනය අනුව සංසන්දනය කරන විට ඉහළ අගයක් බවත් ඔහු පෙන්වා දෙයි.

ඉන්දියාවෙන් දිනකට රෝගීන් ලක්ෂ තුනක් වාර්තා වුවද එය ඉන්දීය ජනගහනය අනුව ගත්විට ලංකාවේ සාමාන්‍ය අගයට වඩා පහල මට්ටමකින් පවතින බවද ඔහු පැවසීය.

https://www.youtube.com/watch?v=SaiJN6XycBI