15 දැරිය ගැබිනියක් කළ 21 තරුණයා දැලේ

Sri lanka covid 19 Coronavirus child harresmemt
By Sithumi Jul 24, 2021 12:05 PM GMT
Sithumi

Sithumi

Report

15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හාලිඇල පනාකන්නිය ප්‍රදේශයේ පදිංචි එම දැරියට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය මාස 5ක ගැබිනියක් බවය.

ඒ අනුව ඇයගේ කුස තුළ නිවුන් දරුවන් පිළිසිඳගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

සිද්ධිය අනාවරණයවීමෙන් පසු සැඟව සිටි 21 හැවිරිදි තරුණයෙකුව හාලිඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

You may like this Video👇



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now