මේ දක්වා භූමදානය කර ඇති කොවිඩ් දේහ ගැන අනාවරණයක්

Covid 19 Sri lanka ada derana
By Sithumi Jun 15, 2021 01:50 PM GMT
Report

මේ දක්වා කොවිඩ් දේහ 605ක් භූමදානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.

"ඔට්ටමාවඩි ප්‍රදේශයේ 605 දෙනෙකුගේ දේහ භූමදානය කරලා තියෙනවා. ඒ අයගෙන් ඉස්ලාම් භක්තිකයින්ගේ මරණ 572ක්, හින්දු භක්තිකයින් 14ක්, බෞද්ධයන් 07 දෙනෙක් සහ ක්‍රිස්ත්‍රියානි භක්තිකයන් 12 දෙනෙක් ඒ අතරට අයත්."