මේ දක්වා භූමදානය කර ඇති කොවිඩ් දේහ ගැන අනාවරණයක්

Covid 19 Sri lanka ada derana
By Sithumi Jun 15, 2021 01:50 PM GMT
Sithumi

Sithumi

Report

මේ දක්වා කොවිඩ් දේහ 605ක් භූමදානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.

"ඔට්ටමාවඩි ප්‍රදේශයේ 605 දෙනෙකුගේ දේහ භූමදානය කරලා තියෙනවා. ඒ අයගෙන් ඉස්ලාම් භක්තිකයින්ගේ මරණ 572ක්, හින්දු භක්තිකයින් 14ක්, බෞද්ධයන් 07 දෙනෙක් සහ ක්‍රිස්ත්‍රියානි භක්තිකයන් 12 දෙනෙක් ඒ අතරට අයත්."