වේගයෙන් ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන දෙමටගොඩ ආශ්‍රිතයන් හැසිරෙන හැටි මෙන්න (VIDEO)

corona virus sri lanka indea delta Covid varient
By Sithumi Jun 17, 2021 04:03 PM GMT
Sithumi

Sithumi

Report

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මෙරට සමාජයෙන් පළමුවරට හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පවසයි.

ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක් බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. විශේෂයෙන් පසුගියදා ඉන්දියාව තුළ කොවිඩ් මරණ විශාල වශයෙන් ඉහළ යෑමට එම කොවිඩ් වෛරස් ප්‍රභේදය හේතුවූ බව පිළිගත් මතයකි.

කොවිඩ් හේතුවෙන් දැඩි ලෙස බැට කෑ එංගලන්තය, ජුනි 21 වනදා සිට සංචරණ සීමා ලිහිල් කිරීමට සැලසුම් කළ ද එම තීරණය කල්දැමීමට එරට රජය තීරණය මේ වනවිට තීරණය කර තිබේ. ඒ ඩෙල්ටා ප්‍රභේදය එරටින් වාර්තා වීම හේතුවෙනි. එහි හමුවන නව ආසාදිතයින්ගෙන් 60% ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත අය වේ. ලෝකයේ රටවල් 80ක් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් පීඩා විඳින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

එය විකෘති වෙමින් තවදුරටත් පැතිරයමින් පවතින බව එම සංවිධානය පවසයි. අමෙරිකාවෙන් හමුවන නව අසාදිතයින්ගෙන් 10%ක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් ය. පසුගිය සතියේ එය දැක්වුණේ 6%ක් ලෙසය

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් දැඩි ලෙස අසාධ්‍ය වන බවට ද හඳුනා ගෙන ඇත. මේ අතර ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ ස්පුට්නික් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදුන් විට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව එම එන්නත් යහපත් සඵලතාවයක් ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. එහෙත් එම එන්නත්වල එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ මතය වේ.

"ෆයිසර් එන්නතේ එක් මාත්‍රාවක් ලබාගත් විට සාමාන්‍ය ප්‍රභේදයක් නම් එය ලබාගත් පුද්ගලයින්ගෙන් 79%ක ප්‍රතිදේහ ඇතිවෙනවා. නමුත් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් එය 32%ක් දක්වා අඩුවුණා".