ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ බවට සැක තවත් රෝගියෙකු මෙරටින් හමුවෙයි.
Corona
Delta
Madiliwala
By Aruna
ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
” මෙම ප්‍රදේශයේ සිදුකළ PCR පරීක්ෂණයෙන් අදාළ රෝගියාගේ ජෛව සාම්පල් පරීක්ෂණයේ යම් වෙනසක් තිබෙන බවට පර්යේෂණාගාරය මගින් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විටත් අප අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා.
ඒ වගේම අදාළ ආසාදිතයාගේ ජෛව සාම්පල් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා” යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |