ඩෙල්ටා ප්‍රභේදයෙන් රැකෙන්න කොරෝනා එන්නත් මිශ්‍ර කිරීමක්
covid19
vaccination
Thailand
AstraZeneca
delta variety
By Sewvandhi
සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයෙන් රැකවරණයක් ලැබීම සඳහා එන්නත් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිනොවැක් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිශ්‍ර කිරීමට තායිලන්තය සැලසුම් කරනවා.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේ චීනයේ නිෂ්පාදිත සිනොවැක් පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් අය සඳහා දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට අදහස් කරන බවයි.
එමගින් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එරෙහිව වැඩි ආරක්ෂාවක් ගොඩනැංවිය හැකි වනු ඇතැයි තායිලන්ත සෞඛ්‍ය අමාත්‍ය අනුටින් චාන්විර්කුල් ප්‍රකාශ කළා.
එය ක්‍රියාවට නැංවුවහොත් චීන කොරෝනා එන්නතක් බටහිර නිෂ්පාදිත කොරෝනා එන්නතක් සමග මිශ්‍ර කරන ප්‍රථම අවස්ථාව වනු ඇති. තායිලන්තයේ මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවේ සිනොවැක් එන්නත ලබා දුන් සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසකට කොරෝනා ආසාදනය වීම මෙම පියවරට තවත් හේතුවක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |