කොරෝනා පරදන පාරම්පරික දේශීය බෙහෙත් වට්ටෝරු 14කට අනුමැතිය

covid19 infections immunity sisira jayakodi ayurwedik
By Sewvandhi Jul 24, 2021 08:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වෛරදයට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා පාරම්පරික වෛද්‍යවරුන් විසින් හදුන්වා දී ඇති දේශීය බෙහෙත් වට්ටෝරු 14ක් සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව එම ඖෂධ වට්ටෝරු ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නොමිලේ ජනතාවට ලබා දෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

මෙම පාරම්පරික බෙහෙත් වට්ටෝරුවලින් ඉතා ඉහළ ප්‍රතිශක්තියක් ශරීරයේ ඇති කරවන බව පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ද ඔහු තවදුරටත් කීය.

දැනට රටපුරා පිහිටි අයුර්වේද රෝහල්වල කොරෝනා ආසාදිතයන් දෙදහසකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් 900 පමණ පිරිසක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට ගොස් ඇති බවත් ඔහු පැවසීය.

කිසිදු කොරෝනා ආසාදිත වූවෙකු ආයුර්වේද රෝහලක් තුළ මේ දක්වා මියගොස් නැතැයි ද ඒ මහතා තව දුරටත් පැවසීය.

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now