කොවිඩ් චක්‍රය යළිත් ඉහළට.. සංචරණ සීමා යළිත් දැඩි වෙයි ?

lockdown covid 19 Isolated Sri lnk
By Sithumi Jul 29, 2021 04:44 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා ආසාදනයන් ගෙන් යම් වැඩිවීමක් මේ දිනවල දක්නට ඇති බවත් එය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. 

සීමා ලිහිල් කිරීම හේතුවෙන් දෛනික ආසාදිතයන් ඉහළ යාමට හේතුවිය හැකි බවත් ඊට ඩෙල්ටා ප්‍රභේදය බලපෑමක් නැතැයි පැවසිය නොහැකි බවත් ඔහු පවසයි. කෙසේ වුවත් ජනතාවට ලබාදී ඇති ලිහිල් කිරීමෙන් හේතුවෙන් වෛරසය සමාජ ව්‍යාප්තිය වැඩි වී ඇතැයි පැවසූ ඔහු රට දීර්ඝ කාලයක් වසා දැමිය නොහැකි තත්ත්වයක් තුල ජනතාව තත්ත්වය සමබරව පවත්වා ගත යුතු බවද කියා සිටියි. ආසාදිතයන් තවදුරටත් වාර්තා වුවහොත් මැයි මාසයේ රට මුහුණ දුන් බරපතළ තත්ත්වයට නැවත මුහුණ දීමට ඉඩ ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. 

 සමස්ත ජනතාවම සෞඛ්‍යය මාර්ගඋපදේශ අනුව කටයුතු නොකළහොත් ඉදිරියේදී ආසාධිතයන් ඉහළ ගොස් මෙරට ආර්ථික සමාජයීය කටයුතු වලට සීමාවන් ඇති කිරීම නොවැලැක්විය හැකි කරුණක් වීමට ඉඩ ඇති බවද ඔහු තවදුරටත් පැවසීය