අති භයානක කොරෝනා ප්‍රභේදයත් සමග රටවල් 06ක් රතු ලැයිස්තුවට...ශ්‍රී ලංකාවත් ලොක් ඩවුන්?.

South Africa Who Covid 19 alert
By Aruna Nov 26, 2021 03:38 AM GMT
Aruna

Aruna

Report

මෙතෙක් සොයා ගැනුණු විකෘතිතා වැඩි ම කොරෝනා ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වීමත් සමඟ එම කලාපයේ රටවල් රැසකින් පැමිණෙන සංචාරකයින් සඳහා නිරෝධායන සීමාවන් පැනවීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍ය සජිත් ජාවිඩ් නිවේදනය කළේ, ඒ අනුව දකුණු අප්‍රිකානු කළාපයේ රටවල් 6ක් සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.

එමෙන්ම දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්ස්වානා, ලෙසතෝ සහ එස්වටිනි යන රාජ්‍යයන්ගෙන් බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටවනු ලැබුවා.

බ්‍රිතාන්‍යයය සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු නව කොරෝනා ප්‍රභේදයේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මෙන් දෙගුණයක් විකෘතිතා පැවතිය හැකි බවයි.

ඒ අනුව එය, වැඩි සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත වන අතර, එන්නත්කරණය පහසුවෙන් මගහැර යා හැකියි.

මේ වනවිට බී එක එක 529 දරණ නව ප්‍රභේදය දකුණු අප්‍රිකාව, හොංකොං සහ බොට්ස්වානා රාජ්‍යයන් වෙතින් හඳුනාගෙන ඇති අතර, හමු වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 59 ක්.

නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද ග්‍රීක හෝඩියේ අකුරකින් නම් කරනු ඇතැයි අපේක්ෂිතයි.

මේ අතර දකුණු අප්‍රිකාවෙන් හමු වූ දැඩි ලෙස විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදය වැළඳුණු ආසාදිතයින් 59 දෙනෙකු පමණ දකුණු අප්‍රිකාව, හොංකොං, බොට්ස්වානා රාජ්‍යයන්ගෙන් හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර B.1.1.529 හඳුන්වා ඇති මෙම ප්‍රභේදය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අද (26) දිනයේ නාමයක් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now