සරණට එරෙහි නඩුවට දින දෙයි

Report

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේ දී රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක් ජනවාරි 26 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබ ඇත .

එහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය හා සමාන තවත් නඩුවක් මේ මස 26 වනදා කැඳවීමට නියමිතව තිබෙන බව සඳහන් ‍කර තිබේ.

තවද නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුකරයද එදිනට කැඳවන ලෙසයි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි ජනවාරි 26 කැඳවන ලෙස නියෝග කර ඇත.

හිටපු අමාත්‍ය කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ නඩුවට මහාධිකරණයෙන් දින දෙයි

හිටපු අමාත්‍ය කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ නඩුවට මහාධිකරණයෙන් දින දෙයි

අද ජනපති හමුවෙන අය මෙන්න, අධ්‍යාපනයේ ප්‍රශ්න ගොඩක්

අද ජනපති හමුවෙන අය මෙන්න, අධ්‍යාපනයේ ප්‍රශ්න ගොඩක්