හිටපු අමාත්‍ය කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ නඩුවට මහාධිකරණයෙන් දින දෙයි

Report

නීතිවිරෝධී ආකාරයට වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලට විරුද්ධව ගොනුකර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 11 කැඳවන මෙන් කොළඹ මහාධිකරණය අද (13) දින නියම කර තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවා ඇත.

එහිදී අල්ලස් කොමිසම මඟින් මෙම නඩුකරයට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට භාර දී තිබෙනවා.

පසුව එම ලේඛනවල පිටපත් විත්ති පාර්ශ්වයට ලබා දෙන මෙන් විනිසුරුවරයා නියම කර ඇත.

අගමැතිනිගේ ලිංගික කැමැත්තට මඩ ගැසීම මොන නීතියක්ද ලංකාවේ, මේ විදියට පහත් විදියට හැසිරෙන්නෙ - CID පැමිණිල්ලක්

අගමැතිනිගේ ලිංගික කැමැත්තට මඩ ගැසීම මොන නීතියක්ද ලංකාවේ, මේ විදියට පහත් විදියට හැසිරෙන්නෙ - CID පැමිණිල්ලක්

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඉදිරි දින අවසන් කළ යුතු බවට අඳාළ පාර්ශ්වයන්ට දැනුම් දී ඇත.

එබැවින් වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව පෙබරවාරි 11 වනදා නැවත කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කර ඇත.

පසුගිය 2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා අතර කාලසීමාව තුළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් අයථා ආකාරයට උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් මෙම අධිචෝදනා ගොනුකර ඇත.

දිවයිනේ සියලුම රාජ්‍ය පාසල්වලට මේවා නොමිලේ - අද ලැබෙනවා

දිවයිනේ සියලුම රාජ්‍ය පාසල්වලට මේවා නොමිලේ - අද ලැබෙනවා

පොහොට්ටුවේ ගම්පහ ප්‍රා.ස මන්ත්‍රිනියගේ නිවසට මාලිමා ක්‍රියාකාරිකයෙක් ගල් ගහලා, මෙන්න විස්තරේ

පොහොට්ටුවේ ගම්පහ ප්‍රා.ස මන්ත්‍රිනියගේ නිවසට මාලිමා ක්‍රියාකාරිකයෙක් ගල් ගහලා, මෙන්න විස්තරේ