නව කොරෝනා ප්‍රභේදයක් යළිත් මතුවෙයි..දැඩි විමසිල්ලෙන් සිටින්න.

New covid viruse
By Aruna Jul 19, 2021 04:03 AM GMT
Report

ඇමරිකාවේ කැලි ෆෝනියා ප්‍රාන්තයේ ව්‍යාප්ත වන ‘එප්සයිලන්’ (Epsilon) නමැති නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳ අවධානයෙන් සිටින බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පවසයි.

මේ වනවිට එම ප්‍ර‍භේදය රටවල් ගණනාවක ව්‍යාප්තවෙමින් පවතියි.

එමෙන්ම ඉදිරියේදී ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍ර‍භේදය මෙරට සුලභ වශයෙන් ව්‍යාප්තවිය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

දැනට ලබාදෙන ස්පුට්නික්, සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත් මගින් ඩෙල්ටා ප්‍රභේද සඳහා විශේෂ ආවරණයක් ඇති බවද ඔහු සඳහන් කළේය.

කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වුවහොත් ඉන් ඇතිවන්නේ අවම බලපෑමක්.

එමනිසා සියලුදෙනා එන්නත ලබාගැනීමට කටයුතු කළ යුතු බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now