නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයාට කොරෝනා
Corona
By Thaya
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනය සඳහා යොමුකළ ඉන්දීය ජාතිකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
පසුගිය 9 වනදා උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඉන්දීය ජාතිකයින් 9 දෙනෙක් සමඟ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
පසුව ඔවුන්ව දින 14ක කාලසීමාවක් නිරෝධායනය සඳහා යොමුකිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණයේදී එක් අයෙකු ට කොව්ඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු බව නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේය.
පසුව ආසාදිත ඉන්දීය ජාතිකයා ප්‍රතිකාර සඳහා කිලිනොච්චියේ ක්‍රිෂ්ණපුරම්හි පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුතර තිබේ.
ඉතිරි ඉන්දීය ජාතිකයින් 08දෙනා තවත් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු ඇත.