ඉදිරි දින 15 අනතුරුදායක කාලයක්...දෛනික මරණ ගණන 5600 ඉක්මවයි!!!..

Covid India Corona Corona death
By Aruna Apr 25, 2021 06:47 AM GMT
Report

 ඉන්දියාව මේ වන විට වඩාත් අනතුරුදායකම සති දෙකට පැමිණ ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළි කරගෙන තිබෙනවා.

එමගින් අනාවරණ කර ඇත්තේ ඉදිරි දින 15ත් 16ත් අතර කාලය තුළ ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ 5,600 සීමාව ඉක්මවා යනු ඇති බවයි.

මේ වන විට ඉන්දියාවේ දෛනික මරණ සංඛ්‍යාව පවතින්නේ 2,500ත් 3,000ත් අතරයි.

පවතින තත්ත්වය සලකා ඉදිරි සතිය තුළ කඩිනම් පියවර නොගතහොත් මිනිස් ජීවිත හැත්තෑ දහසක් අනතුරේ වැටෙනු ඇතැයි නවතම අධ්‍යයනය හෙලි කර ගෙන තිබෙනවා.

පවතින තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් අගෝස්තු පළමුවනදා වන විට ඉන්දියාවෙන් තවත් කොරෝනා මරණ තුන් ලක්ෂ 29,000කට ආසන්න සංඛ්‍යාවක් සිදු වීමේ අවධානමක් ඇති බවයි මෙම අධ්‍යයනය මගින් අනතුරු අගවන්නේ.

එසේ වුවහොත් අගෝස්තු වන විට ඉන්දියාවේ සමස්ථ කොරෝනා මරණ හය ලක්ෂ 65,000 සීමාව ඉහල යනු ඇති බවටයි පූරෝකථනය කර ඇත්තේ.

ඉන්දියාවේ මෙම නවතම අධ්‍යයනය සිදු කර ඇත්තේ කොවිඩ් 19 පැතිරීම අධ්‍යයනය කරන වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිත සහ ඇගයීම් ආයතනයයි.