දුමින්ද නාගමුවගේ බිරිඳ ඉදිරිපත් කල පෙත්සම සලකා බැලීමේ දිනය ?

covid19 quarantine petition dumindha nagamuva dulani priyantha
By Sewvandhi Jul 16, 2021 09:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අධිකරණය මගින් ඇප මත මුදාහැරීමෙන් පසු නිරෝධායනයේ රඳවා සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිඳ වන දුලානි ප්‍රියන්තා ඉදිරිපත් කල හබයාස් කෝපුස් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ එම පෙත්සම සෝබිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසරුවරුන් හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ්‍යෂ්ඨ අධි නීතීඥඥවරයා කියා සිටියේ අදාල පෙත්සම ඇතුලු ලේඛන පිලිබඳ තොරතුරු තමන්ට ඊයේ පස්වරුවේ ලැබුණු බවයි.

එබැවින් ඒවා අධ්‍යයනය කර කරුණු දැක්වීමට දින ලබා දෙන ලෙසට ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

නීතිපතිවරයා, පොලිස්පතිවරයා, කොස්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha