අද සවස මාර්ග කිහිපයක් වසා දැමීම ගැන හදිසි නිවේදනයක්..!
By Sewvandhi
අද (03) දින සවස 3.00 සිට කොළඹ ආශ්‍රිතව මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය නිවේදනය කරයි. හෙට (04) දිනට යෙදී ඇති 75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සමගාමීව අද දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයක් වෙනුවෙන් එම ප්‍රසංගය අවසන් වන තෙක් මෙලෙස අදාළ මාර්ග වසා තැබෙනු ඇත.
එලෙස වසා තැබෙන මාර්ග වන්නේ, නිදහස් මාවත, නිදහස් වටරමුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම.
පදනම් පාර, ස්ටැන්ලි විජේසුන්දර මාවත හන්දියෙන් පදනම් මාවත දෙසට ඇතුළුවීම.
ප්‍රේමකීර්ති ද අල්විස් මාවත, රූපවාහිනී සංස්ථාව සිට නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම.
මේ පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
