ශ්‍රී ලංකාවට යළිත් 'Grey List' අවදානමක්

Report

ව්‍යාපාරික වීසා අවභාවිත කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතිකයින් වරාය නගරය කේන්ද්‍ර කරගෙන කලාපීය මට්ටමේ සයිබර් වංචා ජාල ක්‍රියාත්මක කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන පාර්ලිමේන්තුවේදී බරපතල චෝදනාවක් එල්ල කළේය.

බුන්වත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, වරාය නගරය තුළ ව්‍යාජ සමාගම් සිය ගණනක් ලියාපදිංචි වී ඇති අතර, ඒවා නීත්‍යානුකූල ව්‍යාපාරික කටයුතු සඳහා නොව නීතිවිරෝධී ඩිජිටල් සහ මූල්‍ය වංචා සඳහා යොදාගන්නා බවයි.

ඔහු පෙන්වා දුන්නේ, මෙම සමාගම් සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් හෝ ලුහුබැඳීමේ පද්ධතියක් රජයේ ඩිජිටල් අමාත්‍යාංශය සතුව නොමැති බවයි. එමෙන්ම, එම ආයතන නිසි ලෙස බදු ගෙවන්නේද යන්න පවා සොයා බැලීමට රජය අපොහොසත් වී ඇති බවද ඔහු චෝදනා කළේය.

ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී

ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී

ජාතික ආරක්ෂාවටත් ආර්ථිකයටත් තර්ජනයක් 

මෙවැනි අධීක්ෂණයකින් තොර විදේශීය ඩිජිටල් ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලංකාව “සයිබර් අපරාධකරුවන්ගේ මධ්‍යස්ථානයක්” බවට පත්වීමේ අවදානමක් පවතින බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

විශේෂයෙන්ම, චීන අපරාධ කල්ලි ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කරමින් ජාත්‍යන්තර මට්ටමේ සයිබර් අපරාධ ජාල මෙහෙයවන්නේ නම්, එය ජාතික ආරක්ෂාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයටද බරපතල හානියක් වන බව විශ්ලේෂකයින් පෙන්වා දෙති.

එමෙන්ම, මෙවැනි සිදුවීම් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ගෝලීය ආයෝජකයන් අතර ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය දුර්වල කිරීමට හේතු විය හැකි බවද සඳහන් වේ.

මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ජාතික ලැයිස්තුවට එද්දීත් ද්විත්ව පුරවැසියෙක් ද? ශිරාල්ගෙන් බරපතළ චෝදනාවක්

මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ජාතික ලැයිස්තුවට එද්දීත් ද්විත්ව පුරවැසියෙක් ද? ශිරාල්ගෙන් බරපතළ චෝදනාවක්

Grey List අවදානම යළි මතුවේ

ශ්‍රී ලංකාවට යළිත්

වරාය නගරය තුළ ලියාපදිංචි සමාගම්වල මූල්‍ය ගනුදෙනු, බදු ගෙවීම් සහ සැබෑ ව්‍යාපාරික ක්‍රියාකාරකම් පිළිබඳ විනිවිද පෙනෙන දත්ත පද්ධතියක් නොමැති වීම දැඩි අවදානමක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

චීන සයිබර් අපරාධ කල්ලි විසින් ශ්‍රී ලංකාව භාවිතා කරමින් ජාත්‍යන්තර මූල්‍ය වංචා සිදුකරන බවට තහවුරු වුවහොත්, රට නැවතත් ජාත්‍යන්තර මූල්‍ය “Grey List” අවදානමකට ලක්විය හැකි බවටද අනතුරු ඇඟවීම් පවතී.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, වරාය නගර කොමිෂන් සභාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ඩිජිටල් තාක්ෂණ අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව, ව්‍යාපාරික වීසා අවභාවිත කරන පුද්ගලයින් හඳුනා ගැනීම, ව්‍යාජ සමාගම් වසා දැමීම,සයිබර් නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම,විදේශීය ආයෝජන ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි කිරීම යන ක්‍රියාමාර්ග රජය විසින් කඩිනමින් ගත යුතු බවට විශේෂඥයින් අවධාරණය කරති.

එසේ නොවුවහොත්, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන වරාය නගරය, ආයෝජන කේන්ද්‍රයක් වෙනුවට ජාත්‍යන්තර සයිබර් අපරාධ හා මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවද ඔවුහු පෙන්වා දෙති.

විවාහයට පෙර රුධිර පරීක්ෂාව අනිවාර්ය කරගන්නැයි විශේෂඥ උපදෙස්

විවාහයට පෙර රුධිර පරීක්ෂාව අනිවාර්ය කරගන්නැයි විශේෂඥ උපදෙස්