සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ගැන රජයේ ස්ථාවරය ප්‍රකාශ කෙරේ..!

Report

 ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සදහන් කලේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිරුවා හැරීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.

2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ක්ෂ්‍ය වන සේවයක් ලෙස අනුමත කළද එම කාලසීමාව ඉකුත් වී ඇති බව එතුමා පෙන්වා දෙයි.

ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ට වසර 60ක සේවා කාලයක නිරතවීම සඳහා වසර 55න් ඉදිරියට සේවා දිගුව ඉල්ලා සිටිය හැකි බවට පෙන්වා දුන් සාගල රත්නායක මහතා, එම කටයුතු කිසිවක් වෙනස්වී නොමැති අතර ඉදිරියේදී ද වෙනස් කිරීමට සූදානමක් නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉටුකරන ලද සේවාව අගය කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ පැවති ඇගයීම් උළෙලට සහභාගී වෙමින් සාගල රත්නායක මහතා මේ බව කියා සිටියේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now