ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් - පූර්ණ විමර්ශනයක් ඉල්ලා කෝපා කමිටුවට ලිපියක්

Report

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් කෝපා කමිටුව හරහා විමර්ශනයක් ආරම්භ කරන ලෙස ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම කබීර් හෂීම් මහතාට, එනම් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වෙත, ලිඛිතව ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතානායකවරයා වෙතද ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, මේ දක්වා ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොලැබී ඇති බව රන්ජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

අධිකරණය දේශපාලනීකරණය කිරීමට එරෙහිව විමල්ගෙන් දැඩි ප්‍රහාරයක්

අධිකරණය දේශපාලනීකරණය කිරීමට එරෙහිව විමල්ගෙන් දැඩි ප්‍රහාරයක්

එම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා;

"ෆී ලෝයර්ස් සංවිධානය ගරු කතානායක තුමාට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නමුත් ඒ ලියුමවත් ලැබුණු බව මේ දක්වා දැනුම් දීලා නෑ. ඒ වගේම හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මුදල් කාරක සභාව හරහා අපේක්ෂිත කිසිදු ප්‍රතිඵලයක් ලැබිලා නෑ. ඒ සියල්ලටම වඩා මුදල් අමාත්‍යාංශය මුදල් ලේකම්වරයාට මාසයක කාලයක් ලබා දී තිබෙනවා මේ ලේඛන ඉදිරිපත් කරන්න. ඒක මේ ප්‍රශ්නය මාසයකට යටපත් කරන්නක් බව ඉතාම පැහැදිලියි. මේ නිසා පාර්ලිමේන්තුව විසින් කළයුතු මූලික කාරණා ඉෂ්ඨ නොවන බව පැහැදිලිව තියෙනවා. ඒ අභියෝගය ජයගැනීම සඳහා ජනතාවට විවෘත මාධ්‍යයට විවෘත කෝපා කමිටුව මේ පිලිබඳව විඝණකාධිපතිවරයා කේන්ද්‍රගත කරමින් විමර්ශනයක් පූර්ණ වශයෙන් සිදුකරන්න අවශ්‍යයි කියන එක අපි ලිපිය මගින් කබීර් හෂීම් සභාපතිතුමාට අවධාරණය කරනවා."  

"ඉරානය තවමත් ප්‍රමාණවත් වන්දියක් ගෙවා නෑ" - සාම යෝජනාවට ට්‍රම්ප්ගෙන් රතු එළියක්

"ඉරානය තවමත් ප්‍රමාණවත් වන්දියක් ගෙවා නෑ" - සාම යෝජනාවට ට්‍රම්ප්ගෙන් රතු එළියක්