අද හවස වැස්සට අහුවෙයිද? කාලගුණයේ විශේෂ දැනුම්දීමක්

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවට ද අනාවැකි පළ කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය ගිනියම් වෙයි - භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය ගිනියම් වෙයි - භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

උතුරු සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30–40 අතර වේගයක තද සුළං ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් අළුයම් කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇති බව ද වාර්තා වේ.

ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි. 

මහින්දට අල්ලස් කොමිසමෙන් නොතීසි? ඇත්ත කතාව මෙන්න

මහින්දට අල්ලස් කොමිසමෙන් නොතීසි? ඇත්ත කතාව මෙන්න