වෙළඳුන් දුම්වැටි සඟවයි..දුම්වැටි මිල තවත් ඉහලට ද..?

By Sewvandhi Oct 12, 2021 11:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දුම්වැටි මිල ඉහල යන බවට තොරතුරු ලැබිමත් සමග හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වල අද (12) දින සිට දුම්වැටි හිගයක් පවතින බවට වාර්තා වනවා.

දුම්වැටි අලෙවි කරන එජන්සිය මගින් වෙනත් දින වලට වඩා අද (12) දින වෙළඳසල් හිමියන්ගේ ඉල්ලිම පරිදි දුම්වැටි තොග නිකුත් කර තිබියදි වෙළඳසල් හිමියන් විසින් දුම්වැටි සගවා ඇති බවයි පාරිභෝගිකයන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් හැටන් දුම්වැටි අලෙවි කරන එජන්සියෙන් කරන ලද විමසීමකදී එහි නිලධාරියෙකු කියා සිටියේ වෙනත් දිනවලට සාපෙක්ෂව වෙළඳුන්ගේ දුම්වැටි මිල දි ගැනිම සදහා විශාල ඉල්ලුමක් පැවති බවත්, එම ඉල්ලුම අනුව වෙලදුන්ට දුම්වැටි තොග අලෙවි කළ බවයි.

2021 ඔක්තෝබර් මස 20 වනදා දිවයින පුරා මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි. එදිනට යෙදී ඇති වප් පසළොස්වක පොහොය නිමිත්තෙන් එම තීරණය ගෙන තිබේ.

එමෙන්ම ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි මඟින් පොහොය ඇතුළුව දින දෙකක් මත්පැන් අලෙවි සැල් වසා තැබෙන බවට සිදුකර ඇති නිවේදනය අසත්‍ය බවද සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now