වරදක් වෙලා නෑ..දණ්ඩ නීතියෙන් දඬුවමුත් නෑ - හයේ මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කළ සිද්ධියේ අවසන් වාර්තාව

Report

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක් ඇතුළත් කිරීමේ සිද්ධියේදී කිසියම් කුමන්ත්‍රණයක් හෝ අපරාධමය වරදක් සිදුව නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරදී ඇති අවසන් වාර්තාවේ සඳහන් වන බව වාර්තා වේ.

ඒ අනුව අඳාළ නිලධාරින්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවනු ඇති බව සඳහන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තාව එම දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන ප්‍රධානීන්ට ඉකුත්දා භාර දී ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු විසින් අඳාළ සිද්ධියේදී අපරාධමය වරද්දක් අනාවරණය වී නැතත් පරිපාලනමය වැරදිවලට අඳාළව නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බවට පැවසූ බව සඳහන්.

වායුගෝලය කැළඹීමෙන් තත්ත්වය දරුණු අතට - නිවේදනයකින් ලංකාවට ඉදිරි පැය 36 තුළ දී වෙන්න යන දේ දන්වයි

වායුගෝලය කැළඹීමෙන් තත්ත්වය දරුණු අතට - නිවේදනයකින් ලංකාවට ඉදිරි පැය 36 තුළ දී වෙන්න යන දේ දන්වයි

එමෙන්ම විනය පරීක්ෂණවලින් අනතුරුව අඳාළ නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසූ බව වාර්තා වේ.

කෙසේ වෙතත් හය ශ්‍රේණිය මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවනු ලැබූ අතර ඊට අමතරව එම ආයතනයේම තවත් නිලධාරිනියන් දෙදෙනෙකුගේද වැඩ තහනම් කර තිබුණා.

නරක ආරංචියක් - රටම බය වූ නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

නරක ආරංචියක් - රටම බය වූ නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට

සතිය පටන් ගන්න කොටම ඔබේ ලග්නයට හිමි සුභ වෙලාව, සුභ වර්ණය, අය වැය ඇතුළු දවසේ ලග්න පලාපල මෙන්න

සතිය පටන් ගන්න කොටම ඔබේ ලග්නයට හිමි සුභ වෙලාව, සුභ වර්ණය, අය වැය ඇතුළු දවසේ ලග්න පලාපල මෙන්න

අතුරුදන් වූ භාණ්ඩාගාර මුදල් අමෙරිකාවට ගිහින්?

අතුරුදන් වූ භාණ්ඩාගාර මුදල් අමෙරිකාවට ගිහින්?