ජපුර රෝහලේ නමට අපහාස කරපු අයට වැඩ වරදී
තම රෝහලේ කීර්ති නාමයට හානි සිදුකරමින් සහ ලංකා සුව සේවා සංගමයට අසත්‍ය චෝදනා නැගමින් ද්වේෂ සහගත ලෙස තොරතුරු ප්‍රචාරය කළැයි චෝදනා කරමින්, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පාලන අධිකාරිය සහ ලංකා සුව සේවා සංගමය අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිල්ලට අදාළව යූ ටියුබ් නාලිකාවක් මගින් මෙම ද්වේෂ සහගත ප්‍රචාරය සිදුකර ඇති බවත්, එමගින් රෝහලේ සහ සංගමයේ කීර්ති නාමයට බරපතල හානියක් සිදුව ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
අදාළ යූ ටියුබ් නාලිකාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාරයක් තවමත් නිකුත් වී නොමැත.