භාවිතකිරීම අවදානම් යැයි පවසමින් DeepSeek තහනම් කිරීම පිළිබඳ චීනයෙන් ප්‍රතිචාර...

By Piyumika Feb 07, 2025 07:47 AM GMT
Report

අමෙරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් චීනයේ DeepSeek නම් AI යෙදවුම භාවිතකිරීම අවදානම් යැයි පවසමින් එම යෙදවුම තහනම් කිරීමට ගෙන ඇති තීරණයට චීනය සිය ප්‍රතිචාර දක්වා තිබේ.

ශ්‍රී ලංකා පළමු ඉනිම 257ට සීමාවෙයි..

ශ්‍රී ලංකා පළමු ඉනිම 257ට සීමාවෙයි..

දත්ත පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව චීන රජය ඉතා වැදගත් ‍කොට සලකන බවත්, එහි නීත්‍යානුකූල බව සහතික කරන බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (6) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

චීන රජය කිසිදු අයුරකින් නීති විරෝධීව දත්ත රැස්කිරීම හෝ ගබඩා කිරීම සිදුකර නොමැති බවද මෙහිදී පවසා තිබේ.

ඒ සඳහා අදාළ සමාගම්වලින් හෝ පුද්ගලයන්ගෙන් කිසිදු ඉල්ලීමක් හෝ ‍කර නොමැති බව Guo Jiakun මෙහිදී පෙන්වා දුන්නේය.

රුසියානු හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් පිළිබද භයානක අනාවරණයක්....

රුසියානු හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් පිළිබද භයානක අනාවරණයක්....

ජාතික ආරක්ෂාව මුවාවෙන් ආර්ථික සහ තාක්ෂණික ගැටළු දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් චීනය සෑමවිටම විරුද්ධ වන බව ද ඔහු පැවසීය.

එමෙන්ම චීන සමාගම්වල නිත්‍යානුකූල අයිතිවාසිකම් චීනය ස්ථිරව ආරක්ෂා කරනු ඇතැයි ද ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසා ඇත.  

You may like this video