හිටපු ජනපති චන්ද්‍රිකා ජනපති රනිල් ට ස්තූති කරයි

By Sithumi Apr 22, 2023 05:57 PM GMT
Sithumi

Sithumi

Report

රටේ පැවති හදිසි ප්‍රශ්න ටික පැවැත් වත්මන් රජය විසින් විසඳා ඇති බව පිළිගත යුතුව ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කර තිබෙනවා.

ඇය පැවසුවේ රජය විසින් ප්‍රකාශ කර ඇති පරිදි වැල් පාලමෙන් රට එගොඩට ගෙන ගිය බව සත්‍ය බවත් එම කටයුත්ත සඳහා තමන් රජයට ප්‍රශංසා කරන බවත්‍ ය.

මීට වසරකට පෙර අරගලයක් ආරම්භ වී මහා ආර්ථික ව්‍යසනයක් රට පුරා පැවති බව ද ඇය සිහිපත් කළ අතර ජනතාවට කෑම බීම නොතිබූ බවත් කිලෝමීටර පහක් යාමටවත් ඉන්ධන නොතිබූ බවත් පැවසූ ඇය එම ගැටලු නිරාකරණය කර දීම පිළිබඳව වත්මන් රජයට ස්තුතිවන්ත වන බව ද තවදුරටත් කියා සිටියා.

කොළඹදී උත්සව සභාවක් අමතමින් හිටපු ජනපතිනිය මෙම අදහස් පල කළා.