අලුත් නීතියක් - ආයේ ලංකාවේ මත්ද්‍රව්‍ය බෙදලා අහුවුණොත් ඉවරයි
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සපයන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඇප ලබාදීමකින් තොරව නඩු විභාගය අවසන් වනතෙක් රඳවා ගැනීමට අදාළ නීති සම්පාදනය කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් දැක්වූවේ මාතර පැවති වැඩසටහනකදීයි.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික් මෙහෙයුම් සඳහා පිහිටුවීම අද පෙරවරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු විය.