උණවටුනේ අනතුරක් - පාසල් බස් එකක් තවත් බස් එකක ගැටෙයි - පාසල් ළමුන් හයකට තුවාල
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ උණවටුන ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් දරුවන් හයදෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව මෙම අනතුරෙන් ගැහැණු දරුවන් පස්දෙනෙකු සහ එක් පිරිමි දරුවකු තුවාල ලබා ඇති බව සඳහන්.
එසේම ඔවුන් වයස අවුරුදු 16,17 යන වයස් කාණ්ඩවල පසුවන්නන්. වලස්මුල්ල ප්‍රදේශයේ සිට ක්ෂේත්‍ර චාරිකාවක් පැමිණි පාසල් දරු දැරියන් පිරිසක් මෙසේ අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
පාසල් දරු දැරියන් පැමිණි බස් රථය උණවටුන ප්‍රදේශයේ නතර කොට තිබූ බස් රථයක ගැටීමෙන් අඳාළ අනතුර සිදුවී ඇති බව හබරාදූව පොලිසිය ප්‍රකාශ කරයි.
කෙසේ වුවත් තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.