රාජ්‍ය විශ්ව විද්‍යාලවලට සුබ ආරංචියක් - රුහුණේ විවෘතයි
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන “Harvest Centre” සේවා හා ආධාරක මධ්‍යස්ථානය රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේදී අද (12) දින විවෘත කර ඇත. මෙම මධ්‍යස්ථානය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.
එමෙන්ම රුහුණු විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටුවා ඇති මෙම මධ්‍යස්ථානය හරහා දකුණු පළාතේ ව්‍යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය හා පෝෂණය කිරීම අරමුණු කර තිබෙන බව සඳහන්.
එමෙන්ම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රමුඛ ජාතික වැඩසටහනක් වන “විදතා” වැඩසටහන යටතේ ගමට තාක්ෂණය පැවරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
මෙහි ප්‍රධාන ඉලක්කයන් ලෙස විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන දැනුම භාවිතා කර ග්‍රාමීය ස්වාභාවික සම්පත්වලට අගය එකතු කළ නිෂ්පාදන බිහිකිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සහ රට පුරා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම දැක්වේ.
එසේම මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් “විදතා” මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත.
එහි ඉදිරි පියවරක් වශයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල ආශ්‍රිතව සේවා හා ආධාරක මධ්‍යස්ථාන පිහිටුවීම සිදු කරයි.
එමෙන්ම නව මධ්‍යස්ථානය හරහා ව්‍යවසායකයින්, නව නිපැයුම්කරුවන් සහ ආරම්භක ව්‍යාපාරිකයින්ට තාක්ෂණික උපදේශන, පර්යේෂණ සහාය, ව්‍යාපාර සැලසුම් සකස් කිරීම, වාණිජකරණ මඟපෙන්වීම ඇතුළු සේවා ලබාදීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කර ඇත.
එම අවස්ථාවට විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අමාත්‍යාංශ නිලධාරීන් සහ ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූ බව සඳහන්.