චන්දිමාල්ට සහ පියුමිට ඇප (VIDEO)

RELEASED ON BAIL PIUMI HANSAMALI CHANDIMAL ALUTHKADE QUARANTINE RULES
By Sewvandhi May 31, 2021 09:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබේ.

ඒ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ ලියනගේ මහතා ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය. රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇපමත ඔවුන් මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

නිරෝධායන නීති කඩකරමින් තරුපහේ හෝටලයකදී ඊයේ (30) රාත්‍රියේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ දී එම සාදයට පැමිණි 12දෙනෙකු පමණ මේවන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සාදයට පුද්ගලයින් 25 -30 ත් අතර සංඛ්‍යාවක් පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සෙසු පිරිස හඳුනාගැනීමට CCTV දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.