මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට මෙතෙක් සිදු නොවූ දෙයක් අද වෙයි..අත්අඩංගුවට ගැනීමේ සූදානමක්?..
කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය දැන සිටි බවට අසේල නුවන් රාජපක්ෂ නැමැති අය විසින් "ටෘත් විත් චමුදිත යූටියුබ් නාලිකාවේ" මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග කරන ලද ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්ණ කිරීම සඳහා දෙවන වරටත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට අද දින පෙරවරුවේ කැඳවා තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව අද පෙරවරු 9.00ට මෙම කැඳවීම සිදුකර ඇත.
මීට සති දෙකකට පමණ පෙරාතුවද මාධ්‍යවේදී චමුදිත මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබීය.
එහිදී පැය දෙකකට ආසන්න කාලයක් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත් මෙම සිද්ධියට අදාලව සමාජ ක්‍රියාකාරී නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගනු ලැබීය.
චමුදිත සමරවික්‍රම මහතාව මීට පෙර එකම සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස දෙවතාවක් කැඳවා නොමැති බවයි වැඩිදුර තොරතුරු සොයාබැලීමේදී ගගන ප්රවෘත්ති අංශයට වාර්තා වුණේ.
You May Like This Video