චමුදිත කොළඹින් ඡන්දය ඉල්ලන කථාවේ අලුත්ම තත්ත්වය මෙන්න..දුරකථනයෙන් ගගනට කිව්ව දේ.(PHOTO)

Colombo Sajith Premadasa Samagi Jana Balawegaya General Election 2024
By Aruna Oct 07, 2024 06:13 AM GMT
Aruna

Aruna

Report

2024 මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා තරඟ කරන බවට සමාජ මාධ්‍යයේ තොරතුරු ඊයේ දින සිට හුවමාරු වුණා.

මෙහිදී චමුදිත සමරවික්‍රම නම් ෆේස්බුක් ගිණුමක් මගින් මේ බව දැනුම්දී තිබුණා.

එහි සඳහන් කර තිබුණේ, "2024 මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයෙන් මා තරඟ කරන බව සතුටින් ප්‍රකාශ කරමි" යන්නයි.

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බවට දැනුම්දීමක්..තරඟ කරන පක්ෂය මෙන්න.(PHOTOS)

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බවට දැනුම්දීමක්..තරඟ කරන පක්ෂය මෙන්න.(PHOTOS)


කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් චමුදිත සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, තමා කිසිසේත්ම දේශපාලනයට සම්බන්ධ වීමට අපේක්ෂාවක් නොමැති බවයි.

උපුටා ගැනීම👇

"මේ දිනවල සමාජ මාධ්‍යයේ පැතිර යන මම මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය එකක් වන අතර කිසි විටෙක දේශපාලනයට සම්බන්ධ වීමට හෝ මැතිවරණයන්ට ඉදිරිපත් වීමට අදහස් නොකරමි."

උපුටා ගැනීම අවසන්:

චමුදිත කොළඹින් ඡන්දය ඉල්ලන කථාවේ අලුත්ම තත්ත්වය මෙන්න..දුරකථනයෙන් ගගනට කිව්ව දේ.(PHOTO) | Chamuditha Samarawickrema

කෙසේවෙතත් මෙය සත්‍යක් ද නැද්ද යන්න ගැන තොරතුරු දැන ගැනීමට චමුදිත සමරවික්‍රම මහතාව දුරකථන මාර්ගයෙන් ගගන ප්‍රවෘත්ති අංශයේ අප සම්බන්ධ කරගත් අතර, එහිදී ඔහු කියා සිටියේ සමාජ මාධ්‍යයේ පැතිර ගිය එම පුවත අසත්‍යයක් බවයි.