උසස් පෙළ සිසුන් සඳහා අති විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරයි - ගැටළු ඇත්නම් විමසීමට දුරකථන අංක
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව නිවේදනය කර තිබුණි.
ඒ අනුව උසස් පෙළ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (24) සිට දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇත. එබැවින් (2026.09.24 – 2026.10.03) දක්වා නර්තනය (දේශීය) නර්තනය (භරත) සංගීතය (පෙරදිග) සංගීතය (කර්ණාටක) සංගීතය (බටහිර) නාට්‍ය හා රංග කලාව (සිංහල) නාට්‍ය හා රංග කලාව (දෙමළ) නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) යන විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.
එසේම ඉංජිනේරු තාක්ෂණවේදය (2026.09.30 – 2026.10.10) දක්වාත් ගෘහ ආර්ථික විද්‍යාව (2026.10.10 – 2026.10.20) දක්වාත් ජෛව පද්ධති තාක්ෂණවේදය (2026.10.17 – 2026.10.21) දින දක්වාද පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉහත විෂයන්හි පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර තම අයදුම්පතෙහි සඳහන් ලිපිනයට ද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට පෙර ලැබෙන සේ තැපෑල මඟින් යැවීමට කටයුතු කර තිබෙන බවයි.
ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07 කට පෙර සිට ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව සඳහන් වේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් ඇත්නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ඇමතිය හැකි බව සඳහන් වේ.
ක්ෂණික දුරකථන: 1911
දුරකථන අංක: 0112785922, 0112784537, 0112786616, 0112784208
විද්‍යුත් තැපෑල: gcealexam@gmail.com