සිමෙන්ති මිල හදිසියේම පහළ යයි. - නව මිල ගණන් මෙන්න.
ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා තිබෙනවා.
ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක් වනු ඇති බවයි සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ.
................................................
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජූනි 12 දිනට යෙදී තිබෙන කාර්ය මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයේ විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාව සඳහා වන IV වන උපදේශනය සහ දෙවන සමාලෝචනය සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.
ඒ, අනුව මෙම සැසියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය ඇගයීමට ලක්කරනු ඇති බවයි ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ.