සිමෙන්ති මිල යළි අහස උසට යයි..අලුත් මිල මෙන්න..

Report

කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල යළිත් වරක් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2,850ක්ව පැවති සිමෙන්ති කොට්ටයක් රුපියල් 150කින් මිල ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට නිෂ්පාදනය කරන සහ ආනයනික සියලු සිමෙන්ති වර්ගවල කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 3,000ක් වන බව සිමෙන්ති සමාගම් පවසනවා.

කෙසේවෙතත් මෙවැනි තත්ත්වයක් තුළ ඉදිරියේදී සිමෙන්ති මිල තවත් ඉහ යනු ඇති බවයි වෙළඳ සංගම් පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now