එකවරම සිමෙන්ති කොට්ටයක මිල 1500කින් අඩු කරයි ද?..ඊයේ රෑ වෙච්ච දේ මෙන්න..

Sri Lanka Cement Price in Sri Lanka Economy of Sri Lanka Businessman
By Aruna May 14, 2023 01:07 AM GMT
Aruna

Aruna

Report

ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසනවා.

ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 2,600කි.

මේ අතර මීට පෙර කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225 කින් පහළ දැමූ අතර, මිල පහත දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,750 ක් දක්වා අඩු විය.

ඉන්සි සංස්ථා සහ ඉන්සි පෝට්ලන්ඩ් යන සමාගම් 2022 දෙසැම්බර් මස 14 වන දින මිල පහත දැමීම සිදු කළ අතර, එම සමාගම්වල සිමෙන්ති කොට්ටයක් මිල පහත දැමීමට පෙර රුපියල් 2,975 ක්ව පැවතුණි.

කෙසේවෙත් එම කාලයටත් පෙර සිමෙන්ති කොට්ටයක් රුපියල් 3200 මිලකටත් වැඩි ගණනකට අලෙවි වූ අතර,එය පාරිභෝගිකයින්ට උසුලාගත නොහැකි තත්ත්වයක් උදාවිය.

නමුත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩු වුවද වෙළඳ පොලේ පසුගිය කාල සීමාවේ සිමෙන්ති කොට්ටයක් අලෙවි වූයේ 2500 වැනි මිලකටයි.

ඒ එවකට 2750 වැනි පාලන මිලක් පැවතියදීයි. රටේ ආර්ථික අර්බුධය ඇතිවීමට පෙර සිමෙන්ති කොට්ටයක් රුපියල් 850 ත් 900 ත් වැනි සාධාරණ මිලකට පැවතියා.

නමුත් එකවරම පෙර පැවති මිලට වඩා තුන්ගුණයකටත් වැඩි මිලකින් එනම්, 3200ක් වැනි ඉහළ මිලකින් වැඩි කිරීමෙන් රට පුරා සියලු ඉදිකිරීම් එකවරම නතර විය.

එලෙස අධික ලෙස මිල ඉහළ දමා රුපියල් 150ක් වැනි සොච්චම් මුදලකින් සිමෙන්ති මිල අඩු කිරීම විහිලුවට ගෙන දෙන කාරණයකි.

එම නිසා පාරිභෝගිකයින්ට රුපියල් 1500කින් වත් එකවර දැනෙන ලෙස මිල අඩු කරන්නේ නම්, එය ඉමහත් අස්වැසිල්ලකි.

එසේ නොමැතිව රුපියල් 150 ක වැනි සුළු මුදලකින් අඩුකිරීමෙන් කරන්නේ පාරිභෝගිකයින් තව තවත් රැවටීමකි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now