සිමෙන්ති මිල ඉහළ යාම නිසා කර්මාන්ත රැසකට සහ සේවකයින් විශාල ප්‍රමාණයකට සිදු වූ දේ..
සිමෙන්ති මිල ඉහළ යාම හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ එම ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා සියයට 75ක් පමණ වැසි ගොස් තිබෙන බව වාර්තා වනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, ඒ හේතුවෙන් 500 දෙනෙකුට ආසන්න පිරිසකගේ රැකියා අහිමිවී ඇති බවටයි.
රැකියා අහිමිවීමත් සමඟ සිය පවුල් නඩත්තු කිරීමට සහන ලබා දෙන ලෙසට ද ඔවුන් රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
කර්මාන්තකරුවන් කියා සිටියේ, සිමෙන්ති මිල ඉහළ යාමත් සමඟ වැලි මිල ද ඊට සාපේක්ෂව ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍රවී ඇති බවයි.
මීට පෙර කම්කරුවෙකුට දෛනිකව රුපියල් 2000ක වැටුපක් ගෙවා තිබිණි.
කර්මාන්තකරුවන් පියවර ගෙන ඇත්තේ, එය මේ වනවිට රුපියල් 2500ක් දක්වා ඉහළ දැමීමටයි.
ඒ හේතුවෙන් කොන්ක්‍රීට් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් එහි අලෙවිය පහත වැටී ඇති බවත් කර්මාන්තකරුවන් පෙන්වා දෙනවා.
ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, සිමෙන්ති සඳහා සහනයක් ලබා දෙන්නේ නම් ඒ ආශ්‍රීත කර්මාන්ත රැකගත හැකි බවටයි .