ලංවීමේ ලාභය 85%කින් පහළට
ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා අනුව, 2025 වසරේ තුන්වන කාර්තුව (සැප්තැම්බර් 30 න් අවසන් වූ) අවසන් වන විට ආයතනය මඟින් උපයාගෙන ඇත්තේ රු. බිලියන 3.58 ක ලාභයක් පමණක් බව වාර්තා වේ.
ඒ අනුව මෙම අගය වසරකට පෙර එනම් 2024 තෙවන කාර්තුව තුළ වාර්තා කරන ලද රු. බිලියන 24.58 ක විශාල ලාභය හා සසඳන විට, අතිශය දැවැන්ත 85% ක පහළ යෑමක් ලෙස සඳහන්. එමෙන්ම ආයතනය පෙර කාර්තුවේදී (2025 දෙවන කාර්තුව) වාර්තා කළ රු. බිලියන 5.31 ක ලාභය සමඟ සසඳන විටදි පවා මෙය 32.5% ක කාර්තුමය ලාභ අඩුවීමක් බව පෙන්නුම් කරන බව පවසයි.
2025 වර්ෂයේ මුල් මාස නවය (ජනවාරි සිට සැප්තැම්බර්) වෙනුවෙන් මණ්ඩලයේ සමස්ත මූල්‍ය තත්ත්වය රු. බිලියන 9.58 ක ශුද්ධ අලාභයක් ලෙස සටහන් වෙයි.
ඒ අනුව මෙම අලාභ තත්ත්වය, 2024 වසරේ එම කාල සීමාව තුළ වාර්තා කරන ලද රු. බිලියන 143.79 ක විශාල ලාභය හා සසඳන විට, 107% ක ආදායම් පරිහානියක් සනිටුහන් කර බව වාර්තා වේ.
කෙසේ වුවත් මෙම තීරණාත්මක අලාභදායි තත්ත්වයට ප්‍රධාන ලෙස හේතු වී ඇත්තේ, 2025 පළමු කාර්තුව තුළදී පමණක් රු. බිලියන 18.47 ක විශාල අලාභයක් වාර්තා වීම බව සඳහන්. මෙය 2025 මූල්‍ය වර්ෂය තුළ මෙතෙක් සමුච්චිත අලාභදායිත්වයක් පෙන්වීමට බලපා තිබෙනවා.