කාසල්රි සහ මාඋස්සාකැලේ පිටාර මට්ටම- මධ්යම කඳුකරයට ඇදහැලෙන වැස්සෙන් ජලාශ පිරෙයි
By Kanchana
මධ්යම කඳුකරයේ ජල පෝෂිත ප්රදේශයන්ට තවදුරටත් විටින් විට පවතින මද වැසි තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ළඟා වෙමින් පවතින බව වාර්තා වේ.
මෙම ප්රදේශයන්ට තව දුරටත් විටින් විට මද වැසි තත්වයන් පැවතිම මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ළඟාවී ඇති බව ජලාශ බාර නිලධාරියකු පවසන ලදි .
එම තත්ත්වයන් මත මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අගල් 06ක් පහලින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 03යි අඟල් 05ක් පහලින්ද පවතී.
එම නිලධාරියා වැඩි දුරටත් සදහන් කළේ එම තත්ත්වයන් මත මෙම ජලාශ දෙකේ ජලය ජල විදුලිය නිපදවිම සඳහා අදාළ ජල විදුලි බලාගාර වෙත උපරිම අයුරින් බේදා හැරීමට පියවර ගෙන ඇති බවයි