දින දෙකෙන් තරගය නිම කළ ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක් – ස්ටාර්ක් බංග්ලාදේශ ඉනිම වනසයි

Report

බංග්ලාදේශය සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 51ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (23) සමත්විය. මැකේහිදී පැවති මෙම තරගය දින දෙකක් තුළදී අවසන් වූ අතර, ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට ඔස්ට්‍රේලියාවට හැකි විය.

පළමු ඉනිමේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 64කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට ලකුණු 210ක් රැස්කරමින් ලකුණු 146ක දැවැන්ත වාසියක් ලබාගත්තේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කැමරන් ග්‍රීන් ලකුණු 67ක් රැස් කළ අතර, ස්ටීව් ස්මිත් ලකුණු 42ක් ලබා ගත්තේය. බංග්ලාදේශය වෙනුවෙන් ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 7ක් දවාගනිමින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුවද, ඔහුගේ දස්කම් කණ්ඩායමට තරගය බේරා ගැනීමට ප්‍රමාණවත් නොවීය.

ස්ටාර්ක් කඩුලු 6ක් ගනිද්දී ෂොරිෆුල් කඩුලු 6ක් අරන් එකට එක කරයි - ඕස්ට්‍රේලියා-බංග්ලාදේශ තරගය උණුසුම් වෙයි

ස්ටාර්ක් කඩුලු 6ක් ගනිද්දී ෂොරිෆුල් කඩුලු 6ක් අරන් එකට එක කරයි - ඕස්ට්‍රේලියා-බංග්ලාදේශ තරගය උණුසුම් වෙයි

දෙවැනි ඉනිමේදීද බංග්ලාදේශ පිතිකරුවන්ට ඔස්ට්‍රේලියානු වේගපන්දු බලඇණිය හමුවේ සාර්ථක වීමට නොහැකි වූ අතර, ඔවුන් ලකුණු 95කට දැවී ගියහ. ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය බවට පත්වූ මිචෙල් ස්ටාක් තරගය පුරා කඩුලු 10ක් දවාගැනීමට සමත්විය.

දෙවැනි ඉනිමේදී ඔහු ලකුණු 39කට කඩුලු 4ක් දවාගත් අතර, තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙසද ස්ටාක් නම් කෙරිණි. මෙම ජයග්‍රහණය ඔස්ට්‍රේලියාවට විශේෂ වැදගත්කමක් ගෙන දෙන අතර, පළමු ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශය හමුවේ ලද කඩුලු 9ක අනපේක්ෂිත පරාජයෙන් අනතුරුව ඔවුන් දැක්වූ ප්‍රබල ප්‍රතිචාරයක් ලෙසද මෙය සැලකිය හැකිය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගනිමින් 1-1ක් ලෙස අවසන් විය.  

පන්දු යවන්නන් දෙදෙනා පන්දුව දෙකට කපාගෙන බෙදාගනි - ක්‍රිකට් ඉතිහාසයේ අපුර්වතම සිදුවිමක්

පන්දු යවන්නන් දෙදෙනා පන්දුව දෙකට කපාගෙන බෙදාගනි - ක්‍රිකට් ඉතිහාසයේ අපුර්වතම සිදුවිමක්