ලයිට් කපයිද කියලා බයෙන් හිටපු අයට මෙන්න සැනසිලිදායක පණිවිඩයක්

Report

ජල විදුලි උත්පාදනය කරනු ලබන ජලාශ වල ජලධාරිතාව 67% ක් පමණ වන බව, ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සදහන් කර තිබේ .

එම සමාගම සඳහන් කළේ, අදාළ ජල පරිමාව ලබන ඔක්තොම්බර් දක්වා ප්‍රමාණවත් බවයි ජලවිදුලි බලාගාර ඉහළ පෝෂක ප්‍රදේවලට වැසි ලැබීම හේතුවෙන් එම ජල පරිමාව ප්‍රමාණවත් වේ ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම ප්‍රකාශ කළේ, ඉදිරි වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බවයි.

නන්දා මාලිනියන්ට අවසන් ගෞරව දක්වන්න ආ හේමාල් රණසිංහ- කලා ලෝකයම සංවේදී වෙයි

නන්දා මාලිනියන්ට අවසන් ගෞරව දක්වන්න ආ හේමාල් රණසිංහ- කලා ලෝකයම සංවේදී වෙයි

මේ අතර දිවයිනපුරා ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව සියයට 50 ක් බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර ඇත වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ජලාශවල ගබඩා කළ හැකි ප්‍රමාණය මේ වන විට 35 % ක් දක්වා පහළ ගොස් ඇති බව එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී හේරත් සඳහන් කර ඇත.