ඔයා කඩෙන් වතුර බොනවනම් මේ ගැනත් හිතන්න - ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500ක්
කෝරලඉම, කිරිවත්තුඩුව ප්‍රදේශයේදී ඉකුත් 8 වැනිදා 78 හැවිරිදි වෘද්ධ පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු කැස්බෑව, කිඳෙල්පිටිය මහ පාලම අසල ළඳු කැලෑවක සැඟව සිටියදී කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු, ඝාතනයට ලක්වූ අමරතුංග ආරච්චිගේ සිරිපාල (78) නැමැත්තාගේ 17 හැවිරිදි මුණුබුරා සමඟ කලක පටන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකි.
සිද්ධිය වූ දින අදාළ තරුණයා මත්ද්‍රව්‍ය පානයට නොපැමිණීම හේතුවෙන් කුපිත වූ සැකකරු ඔහුගේ නිවසට ගොස් තරුණයාට යකඩ බටයකින් පහරදී ඇති අතර, එය වැළැක්වීමට පැමිණි සීයාට ද අදාළ යකඩ බටයෙන්ම හිසට පහරදී ඝාතනය කර ඇත.
සිද්ධියෙන් පසු හොරණ, රත්නපුර, පැල්මඩුල්ල සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවලට පාගමනින් සහ බස් රථවලින් පළාගොස් සිටි සැකකරු, ඉකුත් 21 වැනිදා අලුයම නැවත කොළඹට පැමිණ කිඳෙල්පිටිය ළඳු කැලෑවක සැඟව සිටියදී කහතුඩුව පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.