ලොකු පැටී මරන්න සඟවා තිබූ ගිනි අවියක් ඇතුළු ආයුධ තොගයක් මාට්ටු
අහුන්ගල්ල පොලිස් වසමේ ජම්බු ගස් වත්ත සහ වැලිතර ගල් වල, කැලෑවක සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ටි 56 වර්ගයේ ජීව උණ්ඩ 10ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ.
මෙම සොයාගැනීම, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සිල්වා මහතාට ලැබුණු තොරතුරක් අනුව, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතා ඇතුළු නිලධාරීන්ගේ කණ්ඩායමක් විසින් සිදුකල බවයි.
තොරතුරු අනුව, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “ලොකු පැටි” නම් පුද්ගලයා, ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කරන්දෙණිය සුද්දා”ගේ මස්සිනාව ඝාතනය කිරීමේ සැලසුමක් සඳහා මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ සඟවා තැබූ බව සඳහන් වේ.
ලොකු පැටි අධිකරණයට රැගෙන යන අවස්ථාවේදී, ගිනි අවිය සහ ජීව උණ්ඩ භාවිතයෙන් ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය පැවසීය. මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ සොයාගත් ස්ථානයේ, කරන්දෙණිය සුද්දාගේ සමීපතමයන් පිළිබඳ විමර්ශනද සිදුකරනු ලැබේ.