ඊසාන දිග මෝසම සක්‍රීය වේ - මේ මේ දිනවල 100mm ඉක්මවූ වර්ෂාපතනයක්
ඊසාන දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙම මස 09 සහ 10 යන දිනවල වැසි තත්ත්වය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පැවසීය.
ඒ අනුව, මෙම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ වැසි ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළේය. දැනටමත් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ඇඳහැලෙන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.
බස්නාහිර, සබරගමුව ආදී පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, කෙටි කාලයක් තුළ මිලිමීටර් 75–100 ත් අතර තද වැසි ඇති විය හැකි බවද ඔහු පැවසීය.
ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් පිහිටි වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ආදී ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලටද වැසි ඇති විය හැකි බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.