බස් ගාස්තු ඉහළට..? විමල්ගෙනුත් සැර ප්‍රකාශයක්..! (VIDEO)

price Dilum Amunugama bus fares essential goods Vimal Weeravansha
By Sewvandhi Oct 12, 2021 02:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිදු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඊයේ (11) මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.

ප්‍රශ්නය - පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා ඉදිරි කාලයේදී 25%කින් බස් ගාස්තු වැඩිවීමක් සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් මොනවාහරි තියෙනවාද ?

“නැහැ එතුමාගේ ප්‍රකාශය මම ඇහුවා එතුමා කිව්වේ යම් විදිහකින් නැවතත් ඉන්ධන මිල ඉහළ ගියහොත් බස් හිමියන් හැටියට යම් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවෙනවා කියලා. නමුත් මේවන විට එහෙම අවදානමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි බස් ගාස්තු වැඩිකරන්න අදහසක් නැහැ. ඩීසල් මිල වැඩිකරන්න අදහසකුත් නැහැ. ඊට වැඩිය පහසුයි ඩීසල් මිලේ පාඩුව ආණ්ඩුව දරාගෙන බස් ගාස්තුව වැඩි නොකර ඉන්න එක. බැරිවෙලා හරි එහෙම වුණොත් අපි ඒ පිළිබඳව සාකච්ඡා කෙරුවත් දැනට එවැනි ප්‍රශ්නයක් උද්ගතවෙලා නැහැ."

මේ අතර , රජය අතින් සිදුව ඇති අඩුපාඩු හා සිදුනොකළ යුතුව තිබූ දේවල් හඳුනාගෙන ක්‍රියාකළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුන තුළදී යළි ගොඩනගා ගතහැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ අද (11) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

"ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය, මේ දෙවසරක ගමන පිළිබඳව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සිදුකරමින් සිටින අවස්ථාවකයි තමුන්නාස්සේලා අපි මේ අමතන්නේ. අපෙන් වුණ අඩුපාඩු මොනවා ද?, වැරදි මොනවාද ? නොවිය යුතුව තිබුණ දේවල් මොනවා ද කියන එක හරියට තක්සේරු කරලා ඉදිරියට ගියොත් මේ ඉදිරි වසර 3 තුළ මේ රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනාගැනීම ට නොහැකි කරුණක් නෙමෙයි.

හැබැයි ඒකේ දී අපි අවංක වෙන්න ඕනේ. ඒකේ දී මිනිස්සු හිතන විදිය ගැන තේරුම් ගන්න ඕනේ. ඒකේ දී අපි මහජනයාගේ අපේක්ෂාවන් ට මුල්තැන දීලා වැඩ කරන්න ඕනේ. එහෙම නොවෙනවානම් අපි කොයි තරම් අතීතය ගැන ආපසු හැරිලා බලලා නිවැරදි කියවා ගැනීමක් කර ගත්තත් භාවිතයේ දී එය ජයගැනීමට අපිට පුළුවන්කම ලැබෙන්නේ නෑ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙනත් ඕනෑම උවමනාවක් වෙනුවෙන් ගතයුතුව තිබෙන තීරණ නොගෙන කරඅරින්නේ නැති පාලන තන්ත්‍රයක් තමයි මේ රටේ පොදු ජනතාව එදා අපේක්ෂා කළේ.

පොදු ජනයාගේ එම අපේක්ෂාවන් සමග සෙල්ලම් කරන්න අපට අයිතියක් නෑ. ඒ විශ්වාසයට පිටුපාන්න අපට අයිතියක් නෑ. වසංගතයක් එක්ක ජීවත්වෙන්න වුණ නිසා කළ යුතුව තිබුණ සමහර දේවල් අපෙන් මඟ හැරිලා තියෙනවා. ඒ වගේම විශේෂ අවධානය යොමු කරලා කළ යුතුව තිබුණ දේවල් නොවී තිබෙනවා. මේවා වෙනස් කර ගන්න අපට තවමත් කල් තියෙනවා. "

මේ අතර විමල් වීරවංශ මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන සම්බන්ධයෙන් පිළියන්දල ගංඟාරාම විහාරස්ථානයේ අද පැවති කහ පැළ බෙදා දීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍යෙව්දීන් විමසා සිටියේය.

ප්‍රශ්නය - ඔබතුමාගේ ෆේස්බුක් එකේ සටහන එක්ක හිතෙනවා ඔබතුමා රජය ගැන කලකිරීමකින්ද ඉන්නේ ?

"නෑ...නෑ.. ඒ සටහනේ තියෙන්නේ, මම නොකියපු දේවල් ඒ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කිව්වා කියලා වෙනත් අය විවිධාකාරයෙන් පතුරවනකොට මට සිද්ධ වුණා මම ඇත්තටම කැබිනට් මණ්ඩලයේ දී කිව්ව දේ ලියන්න. ඒ මම කිව්ව දේ මිසක් වෙන ප්‍රශ්නයක් නෑ."

ප්‍රශ්නය - ඉදිරියේ දී මේ රජය සමඟ සහයෝගයෙන් වැඩ කරනවා ද?

"ඇයි දැන් සහයෝගය නෑ වගේ ද පේන්නේ" ප්‍රශ්නය - පොඩි පොඩි දේවල් උනානේ පහුගිය කාලේ ? "පොඩි පොඩි දේවල් වෙනවා."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now