බීඩි කොළ හා විදේශීය දුම්වැටි තොගයක් අත්අඩංගුවට
හලාවත සහ තොඩුවාව ප්‍රදේශවලදී වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් විශේෂ මෙහෙයුමක් සිදුකළ අතර, බීඩි කොළ, විදේශීය දුම්වැටි සහ නීතිවිරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තොගය අතර, උර 25ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 992.8, විදේශීය දුම්වැටි එක් ලක්ෂ හතළිස් දහසක් සහ විදේශීය රටක නිෂ්පාදිත කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් ඇතුළත් වන අතර, එම දේවල් වටිනාකම රුපියල් මිලියන 20කට අධික බව සඳහන් වේ.
අන්තිම සටනේ සරත් ෆොන්සේකා හිටියේ නැද්ද? ෆොන්සේකාට යුද්ධේ අවසානේ ගැන අවබෝධයක් නෑ - ගෝඨාභය තමයි උපදෙස් දුන්නේ
මෙම සොඳිසි මෙහෙයුම නාවික හමුදාව සමග එක්ව ඊයේ (21) සිදුකරන ලද්දකි. අත්අඩංගුවට ගත් සැකකරුවන්, ඔවුන් භාරයේ තිබූ බීඩි කොළ, විදේශීය දුම්වැටි, කෘෂි රසායනික ද්‍රව්‍ය සහ ඩිංගි යාත්‍රාව වැඩිදුර විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග සඳහා හලාවත සුරාබදු කාර්යාලයට භාරදී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිසිය පැවසීය.