සංචාරක බසයක් බයිකල් විලෙහි ගිලේ - 7ක් මරුට
By Mithu
රුසියාවේ සයිබීරියා ප්‍රදේශයේ අයිස් මිදී ඇති බයිකල් විලේ ගිලී යාමක් හේතුවෙන් චීන සංචාරකයින් රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබේ.
සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර, එක් අයෙකු දිවි බේරාගෙන ඇති බව සඳහන් වේ. එමෙන්ම අනතුර සිදුවූ ස්ථානයේ ගැඹුර ආසන්න වශයෙන් අඩි 60ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වාර්තාවන්ට අනුව, බස් රථය වැව මතුපිට ඇති ඝන අයිස් තට්ටුව මතින් ධාවනය කරන අවස්ථාවේ, අයිස් තට්ටුව පුපුරා යාමෙන් මෙම මාරාන්තික අනතුර සිදු වූ බවට වාර්තා වේ.